Archives: අගෝස්තු 2021

ක්‍රියාකාරී විශ්වාසය

හමුදා කුමන්ත්‍රණයකදී සෑම්ගේ පියාට දිවි බේරා ගැනීමට පලා යන්නට සිදු වුනි. හදිසියේම ආදායම අහිමි වීම නිසා සෑම්ගේ සහෝදරයා ජීවතුන් අතර තබා ගැනීමට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම තවදුරටත් පවුලට දරා ගත නොහැකි වුනි. දෙවියන්වහන්සේ කෙරෙහි කිපෙමින් “මෙසේ වීමට අප කළේ කුමක්ද?” කියා සෑම් සිතුවේය.

යේසුස්වහන්සේගේ අනුගාමිකයෙකුට පවුලේ කරදර ගැන අසන්න ලැබුණේය. දී ඖෂධ මිළදී ගැනීමට තමා සතුව මුදල් ඇති බව දැන…

අන් අය කෙරෙහි අනුග්‍රහය දැක්වීම

අපේ පුතා දරුකමට හදා ගැනීමට පෙර ඔහුගේ ජීවිතයේ මුල් කාලය ළමා නිවාසයක ගෙවුණි. සින්ඩර්බ්ලොක් ගොඩනැගිල්ලෙන් නිවසට යාමට පෙර ඔහුගේ බඩුබාහිරාදිය එකතු කර ගන්නා ලෙසට කිවෙමු. කණගාටුවට කරුණක් වූයේ ඔහුට කිසිවක් නොතිබීමයි. අපි ඔහු වෙනුවෙන් ගෙනා අලුත් ඇඳුම් මාරු කළ අතර අනික් ළමුන්ටත් ඇඳුම් කිහිපයක් ඉතිරි කළෙමු. ඔහු සතුව තිබූ ස්වල්පය ගැන මා දුක් වූවත් ඔහුගේ ශාරිරික සහ චිත්තවේගී අවශ්‍යතා සපුරාලීමට…

අපට නොතේරෙන විටදී

මට උන්වහන්සේගේ සැළැස්ම තේරෙන්නේ නැත. මම මගේ මුළු ජීවිතයම උන්වහන්සේ දෙසට හැරවීමි. ඒත් මෙය සිදු විය”. වෘත්තීය මළල ක්‍රීඩකයෙක් ලෙසට සාර්ථක වීමේ සිහිනය තාවකාලිකව නතර වූ පසුව පුතෙක් තම මවට යැවූ පණිවුඩය එයයි. බලාපොරොත්තු සුන්වූ කලකිරුණූ අත්දැකීම් අපගේ මනසට පුදුමය සහ ප්‍රශ්නාර්ථය ගෙන නොදුන් කවරෙක් හෝ අප අතර සිටින්නේද? පැහැදිලි කිරීමකින් තොරව පවුලේ සාමාජිකයක් සංනිවේදනය කපා හැරිය විටකදී; සෞඛ්‍ය තත්ත්වය…

ප්‍රේමයේ සැබෑ ස්වභාවය

රට වසා තිබුණු වසංගත කාලයේදී ජෙරීට තමාගේ ව්‍යයාම් මධ්‍යස්ථානය වසා දැමීමට සිදුවුන නිසා මාස ගණනකට ඔහුට ආදායමක් නොතිබුණි. එක් දිනක් තමාගේ මධ්‍යස්ථානයේදී සවස 6.00 ට තමාව මුණ ගැසෙන ලෙසට මිතුරෙක්ගෙන් ඔහුට පණිවුඩයක් ලැබුණි. ඒ ඇයි කියා ජෙරීට නොතේරුණත් ඔහු එහි ගියේය. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් මෝටර් රථ බොහෝමයක් රථ ගාලට පැමිණියේය. පළමු රථයේ රියැදුරා ගොඩනැගිල්ල අසළ පදික වේදිකාවේ කූඩයක් තැබීය.…

සවන්දීම අත්‍යවශ්‍යයයි

“වහාම එන්න. අපි අයිස් කන්දක හැප්පිලා”. 1912 අප්‍රේල් මස 15 වන දින අළුයම 12.25 ට ගිලෙන RMS ටයිටැනික් නෞකාවෙන් RMS කාර්පාතියේ නෞකාවේ රැහැන් රහිත ක්‍රියාකරු හැරල්ඩ් කොට්ටම්ට ලැබුණු පළමු වචන විය. ජීවිත 706 ක් බේරා ගනිමින් කාර්පාතියා නෞකාව ආපදා ස්ථානයට පැමිණි පළමු නෞකාව වනු ඇත.

දින කිහිපයකට පසු එක්සත් ජනපද සෙනෙට් නඩු විභාගයේදී කාර්පාතියා නෞකාවේ කපිතාන් සාක්‍ෂි දෙමින් කියා සිටියේ…